තනි මනාප සෙල්ලමට අගමැති වැට බඳී


(අජන්ත කුමාර අගලකඩ)  

පක්ෂයේ අනෙක් අපේක්ෂකයන්ට මනාප නොදී තමාට පමණක් මනාප දෙන්නැයි කියමින් ඡන්ද ව්‍යාපාරයේ නොයෙදෙන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට උපදෙස් දී ඇත.  


අහවලාට මනාප තියෙනවා. එයාට දෙන්න ඕන නැහැ. මට මනාපය දෙන්න කියමින් ඇතැම් අපේක්ෂකයන් මනාප සටනක යෙදී සිටින බවට තමාට වාර්තා වී ඇතැයි ද අගමැතිවරයා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ගේ රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.  

මැතිවරණ ව්‍යාපාරය මැතිවරණ කොමිසමේ උපමානවලට හා සෞඛ්‍ය අංශවල නිර්දේශවලට අනුව සිදුකරන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් සියලු දෙනා ඉකුත් බ්‍රහස්පතින්දා (18) අරලියගහ මන්දිරයට කැඳවනු ලැබූ අවස්ථාවේ අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.