ඩී.එස්. සේනානායක 69 වැනි ගුණසමරුව හෙට


(දයාසීලි ලියනගේ)  

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ 69 වැනි ගුණ සමරුව හෙට (22) උදේ 9.00 ට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වaz\යෙන් බෝතලේ සේනානායක වලව්වේ දී පැවැත් වේ.   

අාගමික වතාවත් සිදුකිරීමෙන් පසු ඩී.එස්. සේනානායක දේශනය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා විසින් පවත්වනු ලබයි.  


 රුවන් විජයවර්ධන මහතා හා පක්ෂයේ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ද මෙහිදී කතා පැවැත්වීමට නියමිතය.