ටොන් අටදාහක පාම් ඔයිල් නැවක් කොළඹ එද්දී බදු අඩුකරගන්න වෑයමක්


(ප්‍රේමකීර්ති රණතුංග)  

මෙරට ප්‍රකට පෙළේ ව්‍යාපාරිකයන් හතර දෙනකු විසින් ඉල්ලුම් කරන ලද පාම් ඔයිල් මෙට්‍රික් ටොන් අටදාහක් (8000) රැගත් නැවක් කොළඹ වරායට එමින් තිබෙන බවත් ඒ අතරතුර පාම් ඔයිල් සඳහා පනවා ඇති බදු තවත් ලිහිල් කරගැනීම සඳහා එම ව්‍යාපාරිකයන් උත්සාහ දරන බවට ඉහළ පෙළේ දේශපාලන අංශ අතර කතාබහට ලක්ව තිබේ.   

පාම් ඔයිල් ආනයනය මේ වන විට දැඩි ලෙස සීමා කිරීමට රජය කටයුතු කර ඇත. එහෙත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම බදු ලිහිල් කිරීමට එකඟතාව දක්වා ඇති බවත් දේශපාලන අධිකාරියේ අනුමැතිය මේ සඳහා තවමත් ලැබී නොමැති බවත් වැඩිදුරටත් වාර්තාවේ.