ජූලි අගෝස්තු අතර ඩෙංගු වසංගතයක්?


(අසුන්තා එදිරිසූරිය)  

ඉදිරි ජූලි - අගෝස්තු මාසවලදී ඩෙංගු වසංගත තත්ත්වයක් රට තුළ ඇතිවිය හැකි බැවින් සියලු ජනතාව ඒ ගැන වැඩි අවධානයකින් සිටිය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේය.  

නිරිත දිග මෝසම් වැසි සක්‍රියවීමත් සමග සෑම වසරකම මෙම කාලයේදී ඩෙංගු රෝගීන් වැඩිවීම දක්නට ලැබෙන බවද ඔහු කීය.  


පසුගිය මාස පහ තුළදී ඩෙංගු රෝගීන් 21,000 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර එයින් 11,000 ක පිරිසක් වාර්තා වී ඇත්තේ ඉකුත් ජනවාරි මාසයේදීය. 

 
කොළඹ, ගාල්ල, රත්නපුර හා මහනුවර දිස්ත්‍රික්කවලින් මේ වන විට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී තිබේ.  


පසුගිය වසරවලට සාපේක්ෂව මාර්තු, අප්‍රේල්, මැයි මාසවලදී ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම සියයට 75 කින් පමණ අඩුවී ඇති බවද ඔහු කීය.