ජාතික සේවක සංගමය ශක්තිමත් කරන වැඩසටහනක්


(උපුල් වික්‍රමසිංහ) 
එක්සත් ජාතික පක්ෂය සතු වෘත්තීය සමිති සංගමය වන ජාතික සේවක සංගමය ශක්තිමත් ලෙස බලමුළුගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. 


ජාතික සේවක සංගමයේ සභාපති අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම මත ආරම්භ කර ඇති මේ විශේෂ වැඩසටහන යටතේ තරුණ හා කාන්තා සමිති ඉදිරියේදී පිහිටුවීමට නියමිතය. මේ යටතේ ජාතික සේවක සංගමයට අනුබද්ධිත අනු ශාඛා හාරසියයකට අධික ප්‍රමාණයෙහි සාමාජිකත්වය පුළුල් කිරීමට ද අපේක්ෂිතය.