ජාතික යොවුන් පෙරමුණේ 500ක් පුංචි ඡන්දයට


(දයාසීලි ලියනගේ) 
ජාතික යොවුන් පෙරමුණේ සාමාජිකයන් 500ක් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වෙන අතර එයින් වැඩි පිරිසක් මැති ඇමැතිවරුන්ගේ දරුවන් බව වාර්තා වේ. 


මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ජාතික යොවුන් පෙරමුණෙන් පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකත්වය ඉල්ලා සිටි අයගෙන් අවස්ථාව ලැබී ඇත්​ෙත් 500 කට බවයි.


ජාතික යොවුන් පෙරමුණේ සම්මේලනය අද (7) කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්වෙන අතර එයට මෙම අපේක්ෂකයන් සහභාගි වීමට නියමිත බවද ඒ මහතා කීය. 


මෙම අපේක්ෂකයන් තම තමන්ගේ කොට්ඨාසවල දියුණුවට ඉදිරිපත් කරන වැඩ පිළිවෙල පත්‍රිකාවක් මගින් ප්‍රදේශයේ ජනතාවට බෙදා හැරීමටත් මුහුණ පොතට ඇතුළත් කිරීමටත් පියවර ගෙන ඇති බව ද කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.