ජාතික ප්‍රශ්නයට කිසිවෙකුගෙන් පැහැදිලි විසඳුමක් ලැබීම සැක සහිතයි


සිවාජිලිංගම්  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට කිසිදු ජනාධිපතිවරයෙකුගෙන් පැහැදිලි විසඳුමක් ලැබෙනු ඇතැයි බලා​පොරොත්තුවක් තැබිය නොහැකි බව උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා කියයි

මේ නිසා විදේශ රටක මැදිහත් වීමක් අවශ්‍ය බවත් එසේ ​නොමැති වුවහොත් ඉදිරියටත් දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුමක් ලැබෙනු සිතිය නොහැකි බවත් ඔහු පැවසීය.  
සියලු දේශපාලනඥයන් මෙතෙක් කළේ දෙමළ ජනතාව රැවටීමකි.  


ඒ නිසා ඔවුන් විවිධ දේශපාලන පක්ෂවලට සහය පළ කළ ද ඔවුන්ගේ එම බලාපොරොත්තු ඉටු නොවූ බව ද සිවාජිලිංගම් මහතා සඳහන් කළේය.