ජාතික ආණ්ඩුවට එජාප ශ්‍රීලනිප අලුත් ගිවිසුමක්


(අජන්ත කුමාර අගලකඩ) 
ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අලුතින් එකඟතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 


ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඇමැති කමිටුවේ නිර්දේශද සැලකිල්ලට ගනිමින් මෙම නව එකඟතා ගිවිසුම සකස් කෙරෙනු ඇතැයි වාර්තා වේ. 

ඉදිරි මාස 18ක කාලවකවානුව ඉලක්ක කර ගනිමින් සකස් කෙරෙන එකඟතා ගිවිසුමට රජයේ ආර්ථික, දේශපාලන, ජාත්‍යන්තර සහ සංවර්ධන වැඩපිළිවෙළද ඇතුළත් කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි. 


වසර දෙකක කාලයකට ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර ඇතිකර ගන්නා ලද එකඟතා ගිවිසුම ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් වූ අතර එය ඉකුත් දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කෙරිණි.