ජවිපෙ මැයි රැළිය හෙට


(නිශාන්ත කුමාර බණ්ඩාර)   
මැයි දිනය හෙවත් ලෝක කම්කරු දිනය සාම්ප්‍රදායිකව කොළඹින් පිට පැවැත්වීමට තීරණය කළද රජය මැයි 07 වැනිදා ප්‍රකාශයට පත්කළ පරිදි ලෝක කම්කරු දිනය කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.   

වෙසක් සතිය තුළ මැයි දින සැමරීම ප්‍රායෝගික නොවන නිසා සාම්ප්‍රදායිකව මැයි දිනය පසුගියදා යාපනය නගරයේදී පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කෙරිණ.   


 මැයි 07 වැනිදාට සැලසුම් කළ මැයි රැලිය එදින බොරැල්ල කැම්බල් පිටියෙන් ආරම්භ වී බේස්ලයින් පාර, ඔස්සේ අභයාරාම පන්සල අසලින් කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණයට පැමිණීමට නියමිතයි.   


‘සමාජ සාධාරණත්වය ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනය’ යන්න මෙවර ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලියේ තේමාව වී තිබේ.