ජවිපෙ ජනපති ප්‍රචාරක රැස්වීම අද අනුරාධපුරයෙන් ඇරඹේ


(පද්මිණි මාතරගේ සහ නිශාන්ත කුමාර බණ්ඩාර)  

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වෙන වැඩකරන ජනතා සමුළු සහ දිස්ත්‍රික් පුරා ජනතා සභාවන් පැවැත්වීම අදින් (08) ආරම්භ කරයි.  

ඒ අනුව “බිඳ වැටුණු රට ගොඩ නගමු අපි” මැයෙන් රට පුරා දිස්ත්‍රික් ගණනාවක පවත්වන අතර ඉන් පළමු වැන්න අද (08) අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට එම ජනතා බලවේගය කටයුතු යොදා ඇත.  


ඉන් අනතුරුව කුරුණෑගල නගරයේදී 11, කළුතර නගරයේදී 12, ගම්පහ 15 දින, රත්නපුර 19 දින, හම්බන්තොට 20 දින, ගාල්ල 27, මාතර 28, බදුල්ල 29, මොණරාගල 30 සහ උතුර ඔක්තෝබර් 02 දින පවත්වයි.  


මෙහිදි වර්තමාන දේශපාලන තත්ත්වය, ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාව සමග පුළුල් සාකච්ඡාවක් සංවාදයක් ඇතිකර ගැනීමේ අරමුණින් මෙය පවත්වයි.  


මෙයට අමතරව “ජනබල සටන හෙට දින දිනන” මැයෙන් වැඩ කරන ජනතාව සහ වෘත්තීය සමිති ගණනාවක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මෙහෙය වීමෙන් 12 වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.