ජවිපෙ 20 වැනි යෝජනාව ලබන සතියේ මැතිසබයට


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම සම්බන්ධයෙන් ජවිපෙ ගෙන එන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.  

 දැනට එහි මූලික කටයුතු අවසන් වී ඇති අතර එම යෝජනාව භාෂා ත්‍රිත්වයෙන් සකස් කෙරෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.  


එම යෝජනාවේ සඳහන් නීතිමය වචන නීති විශාරද පිරිසක් විසින් අධ්‍යයනය කරන බවත් එහි වචන පරිවර්තනය කිරීමෙන් පසු 22 වෙන විට පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.  


ඉන්පසු මේ පිළිබඳ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.