ජලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට අර අඳී


(ශිරාන් රණසිංහ) 

ජාතික ජලාපවාහන මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ වී ඇති බව කියමින් එහි වෘත්තිය සමිති ඉදිරි සතියේදී දැවැන්ත වෘත්තිය අරගලයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. 

අඹතලේ පිහිටි ජල පවිත්‍රාගාරයට අමතරව අඹතලේ වැලිවිට ප්‍රදේශයේ පුද්ගලික ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීමට කටයුතු යොදා ඇතැයි ද එය වහාම නතර නොකරන්නේ නම් වැඩවර්ජනයකට හෝ ගොස් එය නතර කරන බව ජාතික ජලාපවහන මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවසීය.