ජනාධිපතිවරණයේදී සහායදීම ගැන මුස්ලිම් කොංග්‍රසය තීරණයක් ගෙන නෑ


නිසාම් කාරියප්පර්

(නිශාන්ත කුමාර බණ්ඩාර)   

ඉදිරි ජනාධිපතිවරණයේදී ඉදිරිපත්වෙන අපේක්ෂකයා අනුව තම ස්ථාවරය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් නිසාම් කාරියප්පර් මහතා පවසයි.   

දැනටමත් එක්සත් ජාතික පෙරමුණ යටතේ තරග කරන ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ස්ථිර නිගමනයකට පැමිණ නැතත් අදාළ අපේක්ෂකයා අනුව තම ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බව ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය සාකච්ඡා කරමින් සිටින අතර ඒ පිළිබඳ තවම ස්ථිර නිගමනයකට පැමිණ නැතැයි ඔහු සඳහන් කළේය.   


බොහෝ විට පළාත් සභා මැතිවරණයකට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිසාම් කාරියප්පර් මහතා ප්‍රකාශ කළේය.