ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයකුට ශ්‍රීලනිප සහාය නෑ


(දයාසීලි ලියනගේ) 

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදු අපේක්ෂකයකුට සහාය නොදැක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. 

මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉදිරියට පොදු අපේක්ෂකයකුට සහාය නොදක්වන බවත් ඉදිරි ජනාධිපතිවරණයේ දී පක්ෂයේ අපේක්ෂකයා වන්නේ වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලබන සුදුසුම අපේක්ෂකයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බව ප්‍රකාශ කළ ඇමැතිවරයා ඒ සඳහා සහාය දැක්වීමට ඕනෑම පක්ෂයකට එක්විය හැකි බව ද කීය.