ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැති ධුරයට රුවන්


 

(අජන්ත කුමාර අගලකඩ)  

රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ පෙරේදා (22) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


රුවන් විජයවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ධුරයට අමතරව රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය ඇමැති අමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇත.


මීට පෙර ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ධුරය මංගල සමරවීර මහතාට හිමිවී තිබූ අතර ඒ මහතා මුදල් අමාත්‍ය වරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ පෙරේදා පස්වරුවේ දිවුරුම් දුන්නේය.