ජනබලය කොළඹට රැලිය සැප්තැම්බර් මාසයට කල් යයි


(දයාසීලි ලියනගේ)  

අගෝස්තු මස 17 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ ‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණය සැප්තැම්බර් මස 5 වැනි දිනට කල් තැබීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.  

අගෝස්තු මාසය තුළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන නිසා එයට ඉදිරිපත් වෙන සිසුන්ට කිසිදු ආකාරයක් අපහසුවක් ඇති නොකිරීම සඳහා වෙනත් දිනයකට උද්ඝෝෂණය යොද‌ා ගන්නා ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.  


එම උපදෙස්වලට අනුව කොළඹට ලක්ෂයක පිරිසක් කැඳවා උද්ඝෝෂණය කිරීමේ වැඩපිළිවෙළ සැප්තැම්බර් 5 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා කීය.