ජනබල මෙහෙයුම ගැන ඒකාබද්ධයෙන් ස්වයං විවේචනයක්


(දයාසීලි ලියනගේ) 

‘ජනබලය කොළඹට’ උද්ඝෝෂණ ව්‍යාපාරය පිළිබඳව විශ්ලේෂණයක් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ලබන අඟහරුවාද‌ා රැස්වීමට නියමිතය. 

මෙම උද්ඝෝෂණය සාර්ථක වූවාද? යන්න පිළිබඳව හා පැවැති අඩුපාඩු, දුර්වලතා පිළිබඳව මෙහිදී පක්ෂය ස්වයං විවේචනයක් කරනු ලබන බව නියෝජ්‍ය සංවිධායක රංජිත් ද සොයිසා මහතා කීය. 


උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමේදී කිසියම් අඩුපාඩුවක් හෝ දුර්වලකමක් සිදුවූවා නම් ඒවා නිවැරැදි කරගැනීම මෙම ස්වයං විවේචනයේ මූලික අරමුණ බව ද ඔහු ප්‍රකාශ කළේය.  පක්ෂ නායකයන් හැරුණ විට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගි වනු ඇතැයි ද ඔහු කීය.