ජනපතිවරණය කඩිනමින් ඕනෑ


පලනි දිගම්බරම්  

(නිශාන්ත කුමාර බණ්ඩාර)  
කඩිනමින් ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අවධාරණය කර සිටියි.  

පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම මේ අවස්ථාවේ ප්‍රායෝගික නොවන බවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ජනතා කැමැත්ත තහවුරු කර ගැනීමට හැකිවෙන බවත් එම සන්ධානය නියෝජනය කරන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.   


පාර්ලිමේන්තු හෝ පළාත් සභා මැතිවරණයකින් නායකයන් වෙනස් නොවන බවත් එකම පක්ෂයකින් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම වඩා යෝග්‍ය බව ඔහු සඳහන් කළේය.  
පළාත් සභා මැතිවරණයකින් ස්ථිර ආණ්ඩුවක් බිහි නොවන බවත් කඩිනමින් ජනාධිපතිවරණය පවත්වා ඊට පසු සෙසු මැතිවරණ පැවැත්වීමේ ස්ථාවරයේ තම සන්ධානය සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  


ජනාධිපතිවරණය කල් දැමීමට තම සන්ධානය විරුද්ධ වෙන බවත් කඩිනමින් එම මැතිවරණය පවත්වා ජනතාවගේ බහුතර කැමැත්ත කුමණ පක්ෂයකටද යන්න සොයා බලන ලෙස ආණ්ඩුවට බල කරන බවද අමාත්‍ය දිගම්බරම් මහතා පැවැසීය.