ජනපතිවරණ නාමයෝජනා බාර ගැනීම හෙට 9 සිට 11 දක්වා


(මහින්ද නිශ්ශංක)  

ශ්‍රී ලංකාවේ අටවැනි ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර බාර ගැනීම හෙට (7 ද‌ා) පෙ.ව. 9.00 සිට 11.00 දක්වා සිදුකෙරෙන අතර විරෝධතා දැක්වීම සඳහා එදින පෙ.ව. 11.30 දක්වා කාලය ලබා දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.  


ජනාධිපතිවරණය තරග කරන අපේක්ෂකයින් වෙනුවෙන් ඇප තැන්පත් බාර ගැනීම අද (6) දහවල් 12 ට පෙර සිදුකළ යුතු බව ද ඔහු කීය.

ජනාධිපතිවරණයට නාම යෝජනා පත්‍ර බාරගන්නා හෙට (7) මැතිවරණ කොමිෂන් සභාව අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව නාම යෝජනා පත්‍ර බාර දීමට පැමිණිය හැක්කේ අපේක්ෂකයා ඇතුළු තිදෙනෙකුට පමණක් යැයි ද අධ්‍යක්ෂ ජනරාල් රත්නායක මහතා පැවසීය.