ජනපතිගේ ක්‍රියා පිළිවෙත කඳුරට ජනතා පෙරමුණේ පැසසුමට


(නිශාන්ත කුමාර බණ්ඩාර) 

රජයේ වියදම් අඩු කිරීම සහ රටේ පරිසරය පවිත්‍ර කිරීමට ගන්නා ක්‍රියාවන් තමන් අගය කරන බවත් කඳුරට ජාතික පෙරමුණේ නායක වී. රාධක්‍රිෂ්ණන් මහතා පවසයි. 

ජනාධිපතිවරයා කෙටි කාලයක් තුළ හොඳ වැඩ පිළිවෙළක් ආරම්භ කරන බවත් එය ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබෙයි කියා විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය. එම වැඩ පිළිවෙළ පිළිබඳ සෑහීමකට පත්වෙන බවත් එය සාර්ථකව ගෙන යාමට ගැටලුවකින් තොරව සහාය ලබාදෙන බවද රාධා ක්‍රිෂ්ණන් මහතා ප්‍රකාශ කළේය. 


ජනාධිපතිවරයකු තේරීපත්කළ යුත්තේ මහජනතාව බවත් ඔහුගේ වැඩ පිළිවෙළ අගය කරමින් ජනතාව ඔහුට සහය ලබාදී ජනාධිපති ලෙස තෝරාපත්කර ගැනීම පිළිබඳ ගැටලුවක් නොවන බවද ඔහු පැවැසීය. මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුළ ඇති අර්බුදය නිරාකරණය කර ශක්තිමත් පක්ෂයක් ලෙස ඉදිරි මැතිවරණයට මුහුණ දිය යුතු බවද ඔහු සඳහන් කළේය.