ජනපති ලබන සතියේ ඉදිරි මග පහදයි


(අජන්ත කුමාර අගලකඩ)   

සිය ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේදී ප්‍රකාශයක් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.   

ජනාධිපතිවරයා මිට පෙරදී කළාක් මෙන් මාධ්‍ය හමුවක් කැඳවා ඉදිරි වැඩපිළිවෙළ සහ ගතවූ වසර පහකට ආසන්න කාලය තුළ කළ නොකළ දෑ පිළිබඳව රටට හෙළි කරනු ඇති බවද එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.   


ජපානයේ නව අධිරාජයා ලෙස පත්වූ නරුහිතෝ කුමරුගේ අභිෂේක මංගල්‍යයට ගිය ජනාධිපතිවරයා මේ සති අන්තයේ යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටියේය.   
මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ අතර ජනාධිපතිවරයා ස්වාධීනව සිටීමට තීරණය කළේය.