ජනපති යළිත් පොදු අපේක්ෂක කරන්න ශ්‍රීලනිප-එජාප ඇමැති සාකච්ඡාවක්


අමරවීර-ලසන්ත-මංගල-මලික් සාකච්ඡාවට එක්වෙති   

(දයාසීලි ලියනගේ)   

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම ඉදිරිපත් විය යුතු බවට යහපාලන රජයේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් දෙපිරිසක් අතර සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.   

පවතින දේශපාලන වාතාවරණය යටතේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්වීමට වැඩිම සුදුසුකම් ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතාටම බව දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාවකදී කතාබහ වී ඇත. ඇමැති මහින්ද අමරවීර, නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, ඇමැති මංගල සමරවීර, ඇමැති මලික් සමරවික්‍රම යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.  


සුළු ජාතික ඡන්ද ලබාගැනීම සඳහා එකම සුදුස්සා මෛත්‍රීපාල සිරිසේන මහතා බව දෙපාර්ශ්වයේම අදහස වී තිබූ බවද සඳහන් වේ. මීට අමතරව එක් පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමේ අසීරුතාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර දෙමළ හා මුස්ලිම් ජනතාව වැඩි කැමැත්තෙන් සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට බවද අනාවරණය කර ඇත.