ජනපති ප්‍රේමදාසගේ එරාෂ්ටකය පෙනුණා: ඒත් කීවට ඇහුවෙ නෑ


 ලයනල් සමරසිංහ නාමය කිසිදු තැනක ප්‍රසිද්ධියේ ජ්‍යොතිෂය විකුණන චරිතයක් නොවේ. 1942 මාතර, හක්මන උපන් ඔහු මාතර නිල්වලා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝකයේ අධ්‍යාපනය ලබා තම සීයාගේ ඉපැරැණි ජ්‍යොතිෂය පුස්කොළ පොත් සහ සතතාභ්‍යාසයෙන් හදාරා පරතෙරට පැමිණියෙකි. අප ඔහු සමඟ කෙරුණු සංවාදය මෙතෙක් මෙරට කිසිදු ජනසංනිවේදන මාධ්‍යවලින් අනාවරණය නොකෙරුණු වහං වූ එකක් බව කීවොත් නිවැරැදිය බලවතුන්​ෙග් හඳහන් ගැන ඔහු කියන කතාව බලන්න.

ප්‍රශ්නය:- ඔබ මෙරට රාජ්‍ය නායකයින්ට අනාවැකි කියා ලිඛිතව ඒ ගැන සහතික ලැබූ පුද්ගලයෙක්. රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමාගේ මරණය ගැන අනවැකිය කියූ එකම පුද්ගලයා ඔබයි. වහංවූ ඒ ඉතිහාසය ගැන දැනගන්න ඉරිදා ලංකාදීප පාඨකයින් වෙනුවෙන් අවසරයි.   
පිළිතුර:- මං මුලින්ම කියන්න ඕනෑ මේ ලිපිය දැකල මාව හොයන් ආවට මං ජ්‍යොතිෂ වෙළෙන්දෙක් නොවෙයි. මං කේන්දර අනාවැකි කියන්න ගණන් හිලව් කතා කරන බිස්නස් කාරයෙක් නෙවෙයි. අසාධාරණ මුදල් ගත්තාම මේක වෘත්තිය ගරුත්වය පාවාදීමක්. මේ උතුම් ශිල්පය ඒ වගේ අයට පිහිටන්නේ නෑ. ඔබ ඇහුවේ ප්‍රේමදාස මහත්තය ගැන සිද්ධිය මට මතකයි. එතුමා මේෂ ලග්නයේ ඔය කියන 93 අප්‍රේල්-මැයි මාසයේ එතුමට තදබල අපලයක් මට පෙනුනා. ඒ වගේ පොඩි තැනකින් ආපු පුද්ගලයෙක් රජෙක් වුණේ පෙර පිනට. සෙනසුරා උච්ච වෙලා මේෂයට සෙනසුරු හතුරු ග්‍රහයෙක්.   

 


ප්‍ර:- එරාෂ්ටක කාලය තුළ ප්‍රේමදාස මහතාගේ හැසිරීම ඔබ අනුමත කළාද?   
පිළි:- මේක නරක වෙලාව. නිරන්තර අපවාදයට අපහාසයට ලක්වෙනවා. සුළු තැනක ඉපදිලා රජවෙනවා කියන එක ලේසි නැහැ. එතුමාට තම සහජ බුද්ධිය මෙහෙයවූවා නම් මීට වඩා ප්‍රශ්නය නිරාකරණය කරන්න තිබුණා.   

 


ප්‍ර:- සෙනසුරු එ්රාෂ්ටකයෙන් ජනතා අපවාදයට ලක්වූ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමා ඔය තරම් බුද්ධිමත් නම් ප්‍රතිවිරුද්ධ මත සාවධානව ඉවසිය නොහැකිව වෙනත් පුද්ගලයින්ට පරිභව කළේ ඇයි?   
පිළි:- එතුමා කාටවත් අපහාස කළේ නැහැ. ඕවා බොරු කතා.   

 


ප්‍ර:- ප්‍රේමදාස මහතා වැනි චරිතයක් රජවීමට බලපෑ කරුණු මොනවාද?   
පිළි:- එතුමට තිබුණ චන්ද්‍රයුධ යෝගය. තිර අධිටනින් අධිෂ්ඨානය කර ගත්​ෙත් ඒ නිසයි. සෙනසුරු එරාෂ්කය තිබුණත් දුප්පතාගේ රජෙක්.   


ප්‍ර:- හැත්තෑව දශකයේ ප්‍රේමදාස මහතා ගැටුන ප්‍රධාන පුද්ගලයා සිංහ ලග්නයේ අනුර ප්‍රියදර්ශන බණ්ඩාරනායක සමඟයි. දෙදෙනාගේ වාදවලට බොහෝ අන්දෝලනාත්මක කරුණු හසුවුණා. සමහර වැදගත් වැඩ ඒකෙනුත් කැපී ගියා. අමාත්‍යවරු දෙදෙනකුගේ එකම පුතකු​ෙග් අපවාදයට ලක්වීමට හේතුපාදක වූයේ පෙරසංසාරේ අකුසල්ද?   
පිළි:- මා සතුව අනුර බණ්ඩාරනායකගේ කේන්දරය නැහැ   

 


ප්‍ර:- පොඩි තැනකින් ආව විජය කුමාරතුංග මේ ව​ෙග් රජ පවුලකින් පෙළවහක් කර ගන්න ඒක කේන්දරේ සඳහන්ව තිබුණාද?   
පිළි:- මම මුලින්ම කිව්වා ප්‍රසිද්ධ චරිත ගැන පෞද්ගලික ලාභ බලාපොරොත්තුවෙන් අනාවැකි කියල මේ වෘත්තිය ගරුත්වය වනසන්න මං කැමැති නැහැ.  

 


ප්‍ර:- ජන්ම පත්‍රයේ පියවරෙන් පියවර නාගරික මන්ත්‍රී, පාර්ලිමේන්තු මන්ත්‍රී, අගමැති, ජනපති ලෙස ප්‍රගමනයක් සටහන් වෙනවාද? එහෙත් එන්ජීඕ කාරයින් ප්‍රේමදාස චරිතය ඇට මිදුළු තෙක් උලා කෑවේ. බුද්ධිමත් ජනපති පිස්සු ජනාධිපති ලෙසයි. නමුත් එතුමාගේ දියණියම කියල තිබුණා තාත්තා ජනපති නොවී අගමැති ලෙසම සිටියා නම් අපේ මේ ලස්සන සුන්දර පවුල රැකගන්න තිබූ බව.  
පිළි:- එතුමාට තිබුණ සහයෝගය පංච මහා පුරුෂ යෝගයත් ​ෙසනසුරු බලවත් වුණාම ජීවිතයේ ප්‍රශ්න දැක්වීම තමන්ට බුද්ධියෙන් සිතා බලා කටයුතු කළ යුතුයි.  

 


ප්‍ර:- සුනිල් මාධවගේ ජීවන චරිතය කියනවා තම පියා මීමන ප්‍රේමතිලක සිළුමිණ කර්තෘ යුගයේ ෆෝක්ස්වාගන් කාර් එකක නැගල යාල, විල්පත්තු බලන්න ප්‍රේමදාස මහත්තයා යනවා කියලා. එතුමා මෙවැනි ස්වභාව සෞන්දර්යට දැක්වූ ආදරය ජන්ම පත්‍රයේ සඳහන් ද?  
පිළි:- චන්ද්‍රමණ්ඩල යෝගය නිසා ස්වභාවධර්මයට ආදරෙයි. පරිසරයට සතා සීපාවට ආදරෙයි.  

 


ප්‍ර:- ලංකා ඉතිහාස​යේ පොත් ලියපු එකම අගමැති බණ්ඩාරනායක, ජේ.ආර්.ගේ ‘ස්වර්ණසුබ’ නමින් පොතක් ලියල තියෙනවා. ප්‍රේමදාස නම් ලේඛකයා ගැන සමාජයේ පැතිරුණ මතවාදය ඒ පොත් ලිව්වේ ජයසේන ජයකොඩි බවත් ගීත ලිව්වේ ඩෝල්ටන් අල්විස් බවත් ‘ඇත්​ෙත්’ රංචාගොඩ ළමය වරක් සීගිරි ගලේ ගලේ ගී ලිව්​ෙව් ඩෝල්ටන් නමින් නිසැඳසක් පළකොට තිබුණා. ප්‍රේමදාස මහතා​ෙග් කේන්දරයේ අනුව ඔහුට නිරමාණාත්මක ලේඛන හැකියාවක් පිහිටන්ට හේතු වාසනා තිබුණාද?  
පිළි:- ග්‍රහ පිහිටීම අනුව කථිකත්වයක් ලේඛක කුසලතාවක් උපතින් ගෙනත් තියෙනවා. බුදබලවත්. ලේඛන කෞෂල්‍යට උපන් හපනෙක්.  

 


ප්‍ර:- රජෙක් වුණත් ලෙඩෙක් වු​ෙණාත් වැඩක් නැහැ. ඒබ්‍රහම් ලින්කන්, මහත්මා ගාන්ධි, ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි, ලී ක්වාන් යූ වැනි ලෝක නායකයින් පෙ​ළුණ ‘විශාදය’ නම් රෝගාබාධ හෝ ප්‍රේමදාස මහතා පෙළුණ බව චරිත අධ්‍යයනයේදී පෙනෙනවා නේද?  
පිළි:- අපට වගේ නෙමෙයි නායකයකුට දරා ගන්න බැරි තරම් විසඳන්න ප්‍රශ්න තියෙනවා. මානසික රෝගී තත්ත්වයක් ලෙස වර්ගී කරණයට ලක්කරන්නට නම් එය ප්‍රශ්නයක්.  

 


ප්‍ර:- ජ්‍යොතිෂකාරයෝ හිස් මුදුනේ තබාගෙන හිටපු ප්‍රේමදාස මහත්තයා ඔබ පෙන්වා දුන් මාරකය මඟහරවා ගත්​ෙත් නැත්තේ ඇයි?  
පිළි:- ඒවායෙන් ගැලවෙන්න විශාල වශයෙන් පින්දහම් කරන්න ඕනෑ. සුචරිතවත් ජීවිතයක් ගත කරන්න ඕනෑ. එතුමා ඔය මොනවා කළත් සෙනසුරාගේ බලවත්වීම සියල්ල තීරණය කර හමාර වූණා.  

 


ප්‍ර:- 1979 දී පොලිස් නිලධාරියෙකු වූ චමල් රාජපක්ෂට ඔබ කියූ අනාවැකිය කුමක්ද?  
පිළි:- එතුමා දේශපාලනයට පිවිසුනේ ම​ෙග් අනාවැකිය නිසා. කතානායක ධුරය තරම් ඉහළට ගියා. 2005 මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය ගැන අනාවැකි කිව්වෙත් මම. චමල් රාජපක්ෂ මහත්තාය මේ ගැන අත් අතුරින් සහතිකයක් දීල තියෙනවා.  

 


ප්‍ර:-දරණගම කුසල ධම්ම හිමියන් ගැන කියූ අනාවැකිය කියූ කාලයටත් වඩා ඉක්මනට හරි ගියේ කොහොමද?  
පිළි:- ඔය අනාවැකිය කියනකොට උන්වහන්සේ බම්බලපිටිය වජිරාරාම දහම් පාස​ෙල් ප්‍රධානියා. විජේරාම මාවත සම්බෝධි මහා විහාරය වගේ මහා ධනස්කන්ධයක් උරුම වෙන බව මම කීවා. උන්නාන්සේ මට සහතිකයක් දුන්නා උන්වහන්සේට කියූ හැම අනාවැකියක්ම ඉටු වූ බවට.  

 


ප්‍ර:- තවත් පුද්ගලයින්ට කියූ අනාවැකි අතර ගුවනේදී වන ජීවිත හානි ගැන කියන්නේ කොහොමද?  
පිළි:- මෛත්‍රිපාල සේනානායක මහත්තයාගේ අක්කාගෙ පුතා වත්​ෙත්වැව මගේ හොඳ මිතුරෙක්. ෆයිලට් කෙනෙක්. මම කිව්වා ගුවනේ අනතුරක් තියෙනවා අයින්වෙන්න කියලා. කිව්වා වගේම ගුවන් අනතුරකින් මරු මුවට පත්වුණා.  
උපාලි විජේවර්ධන අපේ ගමේ. එතුමා කළා රුහුණු උදානය කියල දැවැන්ත ව්‍යාපෘතියක් කොටහේන ඩෙල්ටා කොම්පැණියේදී මං කේන්දරය බලල තේරුණා ගුවන් අනතුරක් ගැන. එතුමා මීන ලග්නයේ.  

 


ප්‍ර:- ඔබ මහින්ද රාජපක්ෂ යුගයේ යුද ජයග්‍රහණය ගැන වසර 2 කට පෙර නිවැරැදිව අනාවැකියක් කියුවේ කොහොමද?  
පිළි:- ඔය අනාවැකිය පළවුණේ ලංකාදීප පත්ත​ෙර්. ඒක ලංකා කේන්ද්‍රය අනුව හරියටම යුද ජයග්‍රහණය ලබන බව දක්වා තිබුණා.  

 


ප්‍ර:- වර්තමාන​ෙය් මෙතරම්, ගංවතුර, ස්වභාවික විපත් ඇතිවී ඇත්​ෙත් ලංකා කේන්ද්‍රයේ ග්‍රහයෝ චුත වෙලාද?  
පිළි:- ලංකා කේන්ද්‍රයේ කුම්භ ලග්නයේ චන්ද්‍රයා ගුරුය. දැන් සෙනසුරු එරාෂ්ටකය. අපල නිසා මිනිස්සු ආගමානුකූලව දැහැමි දිවි පෙවත් ගැන කළහොත් මේ විපත් බොහෝ දුර මඟහරවා ගන්න පුළුවන්.  

 


ප්‍ර:- ඔබේ ජ්‍යොතිෂවේදය අධ්‍යනය කර ඇති ආකාරයට පන්ස​ෙල් විවාහ උත්සව ගැනීම නිවැරදිද?  
පිළි:- පන්සල ලෝකෝන්තර පැත්තට යන්නේ විවාහය ලෞකික දෙයක්. කිසිම ගැලපීමක් නෑ.  
පන්සලේ විවාහය අරගෙන හනිමුන් යන්න අාවාස ගෙය පාවිච්චි කරන යුගයකුත් ඉස්සරහට එයිද දන්නේ නෑ.  

 


ප්‍ර:- වත්මන් යුගය ගැන ඔබට අවසන් වශයෙන් කිව හැක්​ෙක් කුමක්ද?  
පිළි:- මේක කාලවර්ණ කලියුගය. බුදු කෙනෙකු පහළවෙන බවක් පේනදුරක නැහැ. අනතුරු ස්වභාවික විපත් අවම කර ගැනීමට එකම විසඳුම ජනතාව පව්වලින් වැළකී ආගමික ජීවිත ගත කිරීම. නොදකින හැමදේම නැහැ යැයි යන ස්ථාවරයේ වැරදි සහගත බව අද විද්‍යාවෙන් තහවුරු කර තිබෙනවා. මම අවසන් වශයෙන් කියන්​ෙන් ජ්‍යොතිෂය වාසි ගෞරවාන්විත විෂයක් වාණිජ අරමුණු උදෙසා අන්තගාමීව යොදා ගැනීමෙන් මෙහි අතුරු පළයක් විය හැකිය.

ඩී. ජී. ලියනගේ