ජනපති ඝාතන කතාව: සන්ධානයට තවදුරටත් ආණ්ඩුවේ සිටිය නොහැකියි


ඩිලාන් පෙරේරා  

(ප්‍රේමකීර්ති රණතුංග)  

නියෝජ්‍ය පොලිස්පතිවරුන් ජනපති ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට හෙළිදරව් වී ඇති තත්ත්වයක් මත එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටීමේ හැකියාවක් නැති බවත් එජනිසය රජයෙන් ඉවත් වන්නේ නම් කැබිනට් මණ්ඩලයම අහෝසි වන බවත් හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා පවසයි.  

එවැනි තත්ත්වයකදී අලුත් අගමැතිවරයකු යටතේ 30 කින් යුතු කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයාට 19 වැනි සංශෝධනයෙන් බලතල ලැබී ඇති බව ද ඩිලාන් පෙරේරා මහතා පවසයි.