ජනපති එ.ජා. සමුළුව ඇමැතීම ලබන 19 වැනිදා


 (අජන්ත කුමාර අගලකඩ)  
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි වාර්ෂික මහා සමුළුව ඇමතීම සඳහා ලබන 16 වැනිදා ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික මහා සමුළුව ලබන 19 වැනිදා ආරම්භ වෙන අතර ජනාධිපති සිරිසේන මහතා එදින සමුළුව ඇමැතීමට නියමිතය.  


නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන 72 වැනි වාර්ෂික සමුළුවේ මෙවර තේමාව ‘ජනතාව වෙත අවධානය තිරසර ලෝකයක සාමය සහ යහපත් ජීවිතයක් උදෙසා සටන’ යන්නයි.  


ලබන 19 වැනිදා සමුළුව අමතන ජනාධිපති සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගැටරෙස් සහ සමුළුවට සහභාගි වන රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකුද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් මෙම සමුළුවට සහභාගි වන තුන්වැනි අවස්ථාව මෙය වේ.