ජනපති අපේක්ෂක ලෙස සජිත් නම් කිරීම මේ සතියේදී


ඇමැති අශෝක් අබේසිංහ

(නිමල කොඩිතුවක්කු)  

ඉදිරි සතිය තුළ ස්ථිරවම සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්​ කෙරෙනු ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ​අශෝක් අබේසිංහ මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.  


එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පළවෙන එකඟතාවයන් මත සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කෙරෙනු ඇති බවත් ඔහු කියා සිටියේය.  


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට මේ වෙනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සීයට 70ක පමණ ප්‍රතිශතයකුත් පළාත් සභා මන්ත්‍රීවරුන් 120න් 98කගේත් පළාත් පාලන නියෝජිතයන්ගෙන් සීයට අනූවකගේත් සහයෝගය හිමි වී ඇති බවත් පැවසූ අබේසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ සියලුම නායකයින්ගේ එකඟතාවත් සජිත් ප්‍රේමදාස මහතාට මේ වෙනවිට හිමිව ඇති බවත් පැවැසීය.