ජනපති අනිද්දා ඕස්ටේ්‍රලියා සංචාරයක


(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ටේ්‍රලියාවේ නිල සංචාරයක් සඳහා අනිද්දා (23) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ඕස්ටේ්‍රලියාවේ අගමැතිවරයාගේ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා ඕස්ටේ්‍රලියාවේ රාජ්‍ය සංචාරයක නිරතවන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.


අනිද්දා ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව යන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 26 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇත.


මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ඕස්ටේ්‍රලියානු අගමැතිවරයා සහ එරට ඉහළ පෙළේ නායකයින් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.