ජනපති - එජාප රජය අතර සහයෝගය නැති වුනොත් සංවර්ධන කටයුතු අඩාළ වෙනවා


 මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න  

(දයාසීලි ලියනගේ)  

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂය රජය අතර සහයෝගිතාවක් නොවුනහොත් රටේ සංවර්ධන කටයුතු මුළුමනින්ම අඩාළවෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ අදහසවී ඇත.  

 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිනිය වශයෙන් සිටියදී එක්සත් ජාතික පක්ෂය කැබිනට් මණ්ඩලයේදී ඇය​ෙග් අත්බෑගය පරීක්ෂා කිරීම, ඇය සමඟ බලු පැටියකු පැමිණීම පිළිබඳව ප්‍රශ්න කිරීම් ආදී කරුණු නිසා ආරාවුල් සහගත තත්ත්වයන් ඇති වූ බව හිටපු ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.  


දෙපාර්ශ්වය ආරාවුලකින් තොරව කටයුතු නොකළහොත් ඇතිවිය හැකි ආරාවුල් රටේ සංවර්ධනය අඩාළ කර රටේ ජනතාවගේ දුප්පත්කම තවත් වැඩිවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.