ජනතාව සෞඛ්‍ය උපදෙස් නොසලකා වැඩ: ඉදිරි දෙසතියේ යළිත් ​කොරෝනා තර්ජනයක්


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය  

(අසුන්තා එදිරිසූරිය)  

කොරෝනා මැඩපැවැත්වීම වෙනුවෙන් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් ජනතාව ක්‍රමයෙන් නොසලකා හරින බවක් පෙන්නුම් කරන නිසා, ඉදිරි දෙසතිය තුළ රටේ වසංගත රෝගය ව්‍යාප්තවීමේ තර්ජනයට දැඩිව මුහුණ පෑමට සිදුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේය.  

නිරෝධායන නීති හරියාකාරව ක්‍රියාත්මක කිරීමට අදාළ බලධාරීන් ක්‍රියා නොකිරීමද මීට හේතු වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.  


මේ වනවිටත් ඇතැම් ස්ථානවල ජනතාව නිරෝධායන නීති ක්‍රියාත්මක කරන බවක් දක්නට නොලැබෙන බවද ඔහු කීය. කොරෝනා වසංගත තත්ත්වයේ අවදානම පිළිබඳව මේ වනවිට ජනතාවගේ සිත්වලින් ඉවත් වෙන බවක් පෙන්නුම් කරන බවද ඔහු කීය.