ඡන්දයේ ඉදිරි වැඩට බාධාවක් නැති බව සෞඛ්‍ය විශේෂඥ මතයයි


සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා වයිරසය පැතිරයාම පාලනය කර ඇති බැවින් මහ මැතිවරණයයේ ඉදිරි කටයුතු කරගෙන යාමට සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය අනුව කිසිදු බාධාවක් නැතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉරිදා ලංකාදීපයට පැවැසුවාය.

ඉකුත් අප්‍රේල් මස 30 වැනිදායින් පසුව ගතවූ කාල සීමාව තුළ කොරෝනා ආසාදිතයන් සමාජයෙන් වාර්තා වී නැතැයි කී ඇමැතිනි වන්නිආරච්චි මහත්මිය එය ඉතා යහපත් තත්ත්වයක් යැයිද සඳහන් කළාය.
කොරෝනා ආසාදිතයන් තවමත් වාර්තා වන්නේ නාවික හමුදා සාමාජිකයන්ගෙන් පමණක් බව කී ඇමැතිවරිය වැලිසර නාවික හමුදා කඳවුරින් නිවාඩු ගිය පිරිස ගම්වලට ගොස් මාසයක් ගත වී ඇතත්, ඔවුන්ගෙන් සමාජයට පැතිරීමක් වාර්තාවී නැති බවද කීවාය.


නාවික පොකුර හැරෙන්නට කොරෝනා ආසාදිතයන් සමාජයෙන් වාර්තා වී නැති බැවින් ඡන්දයේ ඉදිරි කටයුතු කරගෙන යාමට සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතය අනුව කිසිදු බාධාවක් පෙනෙන්නට නැතැයිද ඇමැතිනි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.