ඡන්ද රාජකාරියේ සියයට අසූවක් කාන්තාවන්


(දයාසීලි ලියනගේ)   

මෙවර ජනපතිවරණයේ රාජකාරි කටයුතුවල යෙදෙන රජයේ සේවකයන්ගෙන් සියයට 80ක පමණ පිරිස කාන්තාවන් බව වාර්තාවේ.   


මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 12,845ක් වන අතර එයින් කුඩා ඡන්ද මධ්‍යස්ථාන 300ක් වෙයි. ඒ එක් ඡන්ද මධ්‍යස්ථානයකට 5 දෙනකුගෙන් සමන්විත රාජකාරි මණ්ඩලයක් පත් කරනු ලබයි. මහා පරිමාණයේ ඡන්ද මධ්‍යස්ථාන 5000ක් පමණ පවතින අතර එයින් එක් මධ්‍යස්ථානයකට 18 දෙනකුගෙන් සමන්විත රාජකාරි මණ්ඩලයක් පත් කරනු ලබයි.   


මැතිවරණ රාජකාරියේ යෙදෙන බහුතරය කාන්තාවන් ද යන්න පිළිබඳව කරනු ලැබූ විමසීමේ දී මැතිවරණ කොමිසමේ පර්යේෂණ හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ඡන්ද රාජකාරියේ යෙදෙන පිරිස පිළිබඳව මූලික කටයුතු සිදු කරමින් පවතින අතර බොහෝ විට වැඩි පිරිස කාන්තාවන් විය හැකි බවයි.  සහකාර ඡන්ද ස්ථානාධිපති තනතුරු ඇතුළුව අනෙකුත් තරාතිරම් සඳහා කාන්තාවන් රාජකාරියේ යෙදෙනු ඇතැයි ද ඒ මහතා කීය.   


ප්‍රායෝගික ගැටලුවලින් තොරව මැතිවරණ රාජකාරි කටයුතුවල කාන්තාවන් යෙදවීමට සිදුවී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකශ කළේය.