ඡන්ද ගණින තැන් අහලකටවත් යෑම තහනම්


(දයාසීලි ලියනගේ) 
පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට මීටර් 400 ක් ආසන්නයේ රැඳී සිටීම සාමාන්‍ය ජනතාවට තහනම් කර ඇත. 


තේරීම් බාර නිලධාරියාගේ අභිමතය පරිදි මෙම දුර ප්‍රමාණය වෙනස් වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.

මීටර් 400 සීමාවෙන් මෙහා ජනතාවට රැදී සිටිය හැකිය. ඡන්ද මධ්‍යස්ථානවලම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පැවැත්වෙන අතර තේරීම් භාර නිලධාරියාගේ කැමැත්ත මත මධ්‍යස්ථාන කීපයක ඡන්ද පෙට්ටි එකතැනකට රැස් කරවා ඡන්ද ගණන් කිරීම කළ හැකි වේ. 


බලය ලත් නියෝජිතයන්ට හැර වෙනත් කිසිම පුද්ගලයකුට ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළත්වීම මුළුමනින්ම තහනම් කර ඇත.