ඡන්ද ගණින තැනට සීසීටීවී කැමරා


(දයාසීලි ලියනගේ)  

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා යෙදවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.  

ඡන්දය පැවැත්වෙන අගෝස්තු 5 වැනිද‌ා ඡන්දය ගණන් නොකිරීමට ගෙන ඇති තීරණයට අනුව සියලු ඡන්ද පෙට්ටි අද‌ාළ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ගෙනැවිත් දැඩි ආරක්ෂාව ලබා දෙන බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.  


ඒ අනුව පොලිස් ආරක්ෂාවට අමතරව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සී.සී.ටී.වී. කැමරා යෙදවීමට ද පියවර ගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.