චෝදනා නැති කොටි සැකකරුවන් නිදහස් ?


(නිශාන්ත කුමාර බණ්ඩාර)  

දැනට අත්අඩංගුවේ පසුවෙන එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ නඩු කටයුතු කඩිනම් කිරීම ගැනත් ඔවුන්ට චෝදනා නැතිනම් නිදහස් කිරීම පිළිබඳවත් රජයේ අවධානය යොමුවෙයි.  

ඔවුන්ට චෝදනා ඇත්නම් කඩිනමින් නඩු කටයුතු ගොනුකොට එසේ නොමැති අය නිදහස් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂනායක ආර්. සම්බන්දන් මහතා අතර (26) වැනිදා පැවැති සාකච්ඡාවක දී මේ පිළිබඳ අවධානය යොමු වී තිබේ.  


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණි පසු මේ පිළිබඳ සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.  


අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මිය, නීතිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර මේ සම්බන්ධ තවත් සාකච්ඡාවක් ලබන අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.  


දැනට අනුරාධපුර බන්ධනාගාරයේ සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් උපවාසයක නිරතවන අතර තමන්ට විරුද්ධව චෝදනා ඇතිනම් කඩිනමින් ගොනු කරන ලෙස ඔවුහුද්‍ ඉල්ලා සිටිති.