චීනයෙන් තවත් පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 25,000 ක්


ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන පී.සී.ආර්. පරීක්ෂණ වැඩි කිරීම වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල 25,000 ක් පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර තිබේ

මෙය වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඇති වී ඇති හදිසි තත්ත්වය හේතුවෙන් ගත් තීරණයක් බවත් තවත් පරීක්ෂණ කට්ටල ලබා දීම සඳහා මේ වන විට චීන රජයේ අදාළ අංශ සමග ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සාකච්ඡා කරමින් සිටින බවත් එම කාර්යාලයේ ප්‍රකාශක ලෝ වොන්ග් මහතා පැවසීය.  
ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් 19 වසංගත තත්ත්වය පැතිර යාමත් සමග ගෙවී ගිය මාස 7ක කාලයේ දී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය වන පරීක්ෂණ කට්ටල 75,000 කට වැඩි ප්‍රමාණයක් චීන රජය විසින් පරිත්‍යාග කර ඇත. මෙම නවතම පරිත්‍යාගය නොවැම්බර් මාසයේ පළමු සති දෙක තුළ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ලෝ වොන්ග් මහතා පැවසීය. මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති වී ඇති තත්ත්වය පාලනය කර ගැනීමට හැකි සෑම ආකාරයකම ආධාර ලබා දීමට චීන රජය සූදානමින් සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියි.