චීනයට අක්: 5700ක් දෙනවාට ජනපති විරුද්ධ වෙයි


(අජන්ත කුමාර අගලකඩ)  
හම්බන්තොට චීන ආයෝජන කලාපයකට ඉඩම් අක්කර 5,700ක් පමණ ලබාදීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවක් ගිය බදාදා පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ.  

මෙම ඉඩම් මහවැලියට අයත් ඉඩම් නිසාත්, එහි ජනතාව ද පදිංචි වී සිටින නිසාත්, එතරම් ඉඩම් ප්‍රමාණයක් එකවර ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළේ යැයි සඳහන් වේ. ඉඩම් අක්කර දහස් ගණන් එකවර දෙනවා වෙනුවට අවශ්‍ය ආයෝජන හඳුනාගෙන ප්‍රමුඛතා අනුව ලබාදෙන්නැයි ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.