චීන රජයෙන් අඩු ආද‌ායම්ලාභීන්ට නිවාස 2000ක්


 

(අජන්ත කුමාර අගලකඩ)  

කොළඹ හා අවට ප්‍රදේශවල අඩුආද‌ායම්ලාභී පවුල් සඳහා නිවාස 2000ක් ඉදිකර දීමට චීන රජය එකඟතාව පළකර ඇත.  

චීන රජයේ ප්‍රද‌ානයක් ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ලැබෙන අතර එය නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක වන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉරිද‌ා ලංකාදීපයට පැවැසීය.  


මෙම නිවාස 2000 ඉදිකිරීම සඳහා චීන රජයෙන් රුපියල් කෝටි දහසක පමණ ප්‍රද‌ානයක් හිමිවනු ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

  
ඒ අනුව නිවාස ව්‍යාපෘතියට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන ඔක්තෝබර් මස මුල දී මුල්ගල තැබෙන බව ද ඔහු සඳහන් කළේය.