චන්ද්‍රිකාගේ ආසන සංවිධායක ධුරය අහෝසි කරන යෝජනාවක් ?


HOT Politics

උණුසුම් දේශපාලන කතා

 

(නාලක සංජීව දහනායක) 

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකයන් පහළොවකට ආසන්න පිරිසක් ආසන සංවිධායක ධූරවලින් ඉවත් කිරීම සඳහා යෝජනාවක් පක්‍ෂයේ මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ඉදිරිපත් කිරීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

 

එම සංවිධායකවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය යනුවෙන් සංවිධායනයක් පිහිටුවාගෙන ජනාධිපතිවරයා දැඩිව විවේචනය කළේය. ඉන් පක්‍ෂයේ සමඟියට දැඩිලෙස බාධා පැමිණෙන බැවින් ඔවුන් ආසන සංවිධායක ධූරවලින් ඉවත් කළ යුතු බවට ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී ඇත. 


ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය නැමැති සංවිධානය මේ වනවිට මාධ්‍ය හමු පවත්වමින් පක්‍ෂය හා එහි නායකත්වය දැඩිව විවේචනය කරන අතර ඔවුන් රාජගිරිය ප්‍රදේශයේ දේශපාලන කාර්යාලයක් ආරම්භ කිරීමට සූදානම් වන බවද වාර්තාවේ. හිටපු ජනාධිපතිනිය මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අත්තනගල්ල ප්‍රධාන සංවිධායකධූරය හොබවයි. මෙම පිරිස අතර සේරුවාවිල ආසන සංවිධායක නලීන් ගුණවර්ධන, කැලණිය ආසන සංවිධායක තිලක් වරාගොඩ, මතුගම ආසන සංවිධායිකා ප්‍රියංගනී අබේවීර, කැස්බෑව ආසන සංවිධායක නීතීඥ රජික කොඩිතුවක්කු, මිනුවන්ගොඩ ආසන සංවිධායක රුවන් රණතුංග, බේරුවල ආසන සංවිධායක එම්.එම් මොහොමඩ් අම්ජාඩ් ඇතුලු තවත් පිරිසක් සිටින බව ද වාර්තා වේ.