ගෑස් මිල ලබන සතියේ රුපියල් 200කින් පහළට


(මහින්ද නිශ්ශංක)  

කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් පමණ ලබන සතියේදී අඩුවෙන බවට රජයේ ආරංචිමාර්ගවලින් වාර්තා​වේ.  

ගෑස් මිල අඩුකිරීම පිළිබඳව ඉකුත් දා පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේදී තීරණය වී ඇති බවද රජයේ උසස් නිලධාරියෙක් පැවසීය.  

මේ වන විට ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩුවෙමින් පැවතීම සැලකිල්ල් ගෙන මෙරට ගෑස්මිල අඩුකෙරෙන අතර ගෑස් මිල අඩු කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෑස් සමාගම් සමග සාකච්ඡා කරන බවද වාර්තාවේ.  


දැනට කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1733 ක් වෙන අතර අවසන් වරට ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ රුපියල් 195කින් ගෑස් මිල වැඩි විය.  
ඊට පෙර රුපියල් 138කින් ගෑස් මිල අඩු වූ බව රජය පවසයි.