ගාල්ල-මීගමුව නගරාධිපතිවරු පොහොට්ටුවෙන්


මන්ත්‍රී ඡන්දයෙන් තේරීපත්වෙලා

(දයාසීලි ලියනගේ) 

පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ පක්ෂයට සියයට 50ක ප්‍රතිශතයක් ලැබී නොතිබූ ගාල්ල මහ නගර සභාවේ පුරපති හා මීගමුව මහ නගර සභාවේ පුරපති තේරීම සඳහා පැවැති රහස් ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ සභිකයෝ දෙදෙනෙක් තේරී පත්වී සිටිති. 

ඒ අනුව ගාල්ල මහ නගර සභාවේ පුරපති අපේක්ෂක ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ ප්‍රියන්ත සහබන්දු මහතා ද මීගමුව මහ නගර සභාවේ පුරපති ලෙස ඉදිරිපත් කළ දයාල් ලංසා මහතා ද රහස් ඡන්දයෙන් තේරී පත්වී සිටින බව එම පක්ෂයේ පාලන ලේකම්, පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා පැවසීය. 


තවත් පළාත් පාලන ආයතන ගණනාවක් සඳහා රහස් ඡන්ද විමසීම හෙට (26) පැවැත්වෙන බව ද රේණුක පෙරේරා මහතා ප්‍රකාශ කළේය. 


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‘‘බුලත් කොළය’’ හා ‘‘අත’’ ලකුණින් තේරී පත්වී සිටින සභිකයන්ගේ සහාය ජයග්‍රාහකයා තේරීම සඳහා ලැබී ඇති බව වාර්තා වේ. 


මීගමුව නාගරික කොමසාරිස් සුගත් කුමාර මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ පුරපති තේරීම සඳහා පැවැති විවෘත ඡන්ද විමසීමේදී දයාල් ලංසා මහතා තේරී පත් වූ බවයි.