ගමට ගිහින් වැඩ කරන්න


ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට බැසිල්ගෙන් උපදෙස්

(දයාසීලි ලියනගේ)   

අය - වැය විවාදය සඳහා මාස එකහමාරකට ආසන්න කාලයක් කොළඹට හිරවී සිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලුම දෙනා වහාම සිය ගම්වලට ගොස් සංවිධාන කමිටු පිහිටුවීමට පියවර ගන්නා ලෙස පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.   

‘“ගම සමග පිළිසඳරක්” හා “වැඩ සමග යළි ගමට” යන තේමාවන් මූලික කරගනිමින් හෙට සහ අනිද්දා (21, 22) දිනවල රට පුරා පක්ෂ සංවිධාන කමිටු පිහිටුවන ලෙසට උපදෙස් දී ඇතැයි ද ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ප්‍රකාශ කළේය.   


මෙයට අමතරව පක්ෂයේ සෑම මන්ත්‍රීවරයෙක්ම තම බල ප්‍රදේශයේ පාක්ෂිකයන් හා ප්‍රදේශයේ වගකිව යුත්තන් හමුවී ඒ ඒ ප්‍ර​දේශවලට ඉටු කළ යුතු සංවර්ධන වැඩ ගැන සැලැස්මක් සකස් කර ඒවා ඉටුකර දීමට වහාම පියවර ගන්නා ලෙසට ද බැසිල් රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බවත් සම්පත් අතුකෝරළ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.