ඛනිජ තෙලේ ලොක්කෙකුට කෝටි දෙකක අමතර සැප වාහනයක් !


(ශිරාන් රණසිංහ)  

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරියකු සඳහා මීට මාස හයකට පමණ පෙරාතුව මිලදී ගත් රුපියල් කෝටි තුනක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව්. රථයට අමතරව රුපියල් කෝටි දෙකට ආසන්න වටිනාකමින් යුත් තවත් සුපිරි රථයක් ඇණවුම් කර තිබේ.  

කොළඹ ප්‍රධාන පෙළේ ලීසිං සමාගමකින් අදාළ ඇනවුම සිදුකර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.  


මීට අමතරව මෙම නිලධාරියාට ලැබෙන වැටුප් හා දීමනා මදියැයි කියමින් වැටුප් හා දීමනා ද වැඩිකරන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් ද ප්‍රතික්ෂේප වූ බව තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.  


ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වා දී ඉන්ධන මිල ගණන් ඉහළ දමා සංස්ථාවේ ආදායම තරකර ගන්නේ නිලධාරීන්ට අතිසුඛෝපභෝගී වාහන ගෙන්වා ගන්නටදැයි වෘත්තීය සමිති නායකයෝ විමසා සිටිති.