ඛනිජ තෙල් ගවේශනයට බලපත්‍ර අරන් වැඩි මිලට විකුණලා


(දයාසීලි ලියනගේ)   

ඛනිජ තෙල් ගවේශනය සඳහා පසුගිය වසර කීපය තුළ බලපත්‍ර 30ක් ලබාගෙන අැති නමුත් ඒවායින් බහුතරය වැඩි මිලට විකුණා ඇති බව පරිසර අමාත්‍යංශය කරන ලද සොයා බැලීමක දී අනාවරණය වී ඇත.   

අදාළ ගවේශන සඳහා භූවිද්‍යා හා පතල් කාර්යාංශය මගින් බලපත්‍ර ලබා දී ඇත්තේ වර්ග කිලෝ මීටරයක් රුපියල් 3000ක මිලකට බව ඇමැති මහින්ද අමරවීර මහතා කීය.   


වැඩි මිලට විකුණා ඇති බලපත්‍ර සියල්ල අහෝසි කරන ලෙසට අදාළ බලධාරීන්ට පසුගිය සතියේ දී උපදෙස් ලබාදුන් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.   


මෙම බලපත්‍රවලට අමතරව මිනිරන් බලපත්‍ර 27 ක් හා කැණීම් බලපත්‍ර 6ක් ලබාගෙන තිබෙන බව ද අනාවරණය වී ඇත.   


බලපත්‍ර මෙතරම් ප්‍රමාණයක් නිකුත් කර ඇතත් ඒවා ලබාගත් පුද්ගලයින් එම බලපත්‍ර බොහොමයක් නිසි ලෙස පරිහරණය කර නොමැති බව අනාවරණය වී ඇතැයි ද ඇමැතිවරයා කීය.