කෝප් කමිටුවෙන් හඳුන්නෙත්ති ඉවතට ?


(දයාසීලි ලියනගේ)  
කෝප් කමිටුවේ සභාපති ධූරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉවත් කිරීමට රජයේ බලධාරීන් සාකච්ඡා වෙමින් පවතින බව දැනගන්නට ඇත.  

මෙවර අයවැය යෝජනාවලිය සම්මත වූ පසු පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත.  
පාර්ලිමේන්තුව නව සැසි වාරය ආරම්භ වීමත් සමග සියලු කාරක සභා අහෝසි වී අලුතෙන් කාරක සභා පත්කළ යුතු වේ.  


ඒ අවස්ථාවේදී කෝප් කමිටුවේ සභාපතිත්වයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා ඉවත් කිරීමට යන බව දැනගන්නට ඇත.