කෝටි 132ක් ගෙවා කුරක්කන් සියඹලා-කව්පිත් රටින් ගෙනත්


මෙහෙමත් රට හැදෙයි ද?  

 

(දයාසීලි ලියනගේ) 

මෙරට වගා කරනු ලබන කුරක්කන්, කොමඩු, ජමනාරං, සෝයාබෝංචි, සියඹලා, කවුපි, මෑ, බඩඉරිඟු‍ ආනයනය කිරීම සඳහා පසුගිය වසරේ දී රුපියල් කෝටි 132ක මුදලක් වැය කර ඇති බව මුදල් අමාත්‍යංශය 
සඳහන් කරයි. 

ඒ අනුව ජමනාරං සඳහා ගිය වසරේ දී රුපියල් තුන් කෝටියක මුදලක් ද කොමඩු සඳහා ගිය වසරේ දී රුපියල් දශලක්ෂ 36ක මුදලක් ද වැය කර ඇත. බඩඉරිඟු‍ ආනයනය කිරීම සඳහා රුපියල් කෝටි 62ක මුදලක් ද වැයකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.