කොළඹ සිරවූ විසිපන්දාහක් ගමට යවනවාට සෞඛ්‍ය අංශයේ විරෝධය


රෝගීන් නැති ගම්වලටත් රෝගය බෝ වේවි

(අජන්ත කුමාර අගලකඩ)   

ඇඳිරි නීතිය පැනවීමත් සමග සති කිහිපයක් තිස්සේ කොළඹ සිරවී සිටින පුද්ගලයන් විසිපන්දහසක පමණ පිරිස ගම්බිම්වලට පිටත්කර හැරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැඩි විරෝධය පළකර ඇත.   

කොළඹ දිස්ත්‍රික්කය කොරෝනා දැඩි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන තිබියදී මෙම පුද්ගලයන් එකවර ගම්බිම්වලට මුදාහැරීම දැඩි අවදානම්කාරී බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.   

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (08) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී පක්ෂ නායකයන් කිහිප දෙනකුම මේ සම්බන්ධයෙන් පවසා ඇත.   


එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ කොළඹ සිට ගම්බිම්වලට යන අය හේතුවෙන් එම ප්‍රදේශද අවදානම් විය හැකි බැවින් ඊට සෞඛ්‍ය අංශ තදින්ම විරුද්ධ බවය.   


එබැවින්, ඔවුන් මුදා නොහරින්නැයි සෞඛ්‍ය අංශ දැඩි ස්ථාවරයක සිටින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.