කොළඹ නව නිවාස පන්දාහකට එතෙරින් ආධාරයක්


(අජන්ත කුමාර අගලකඩ)

කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා තවත් නිවාස 5,000ක් ඉදිකිරීමේ කටයුතු ලබන අප්‍රේල් මාසයේදී ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවැසීය.  

ආසියානු සහයෝගීතා යටිතල පහසුකම් සංවර්ධන අරමුදලේ ඩොලර් මිලියන 200ක ණය ආධාර යටතේ මෙම නිවාස ඉදිකෙරන බවද ඔහු සඳහන් කළේය.  ඒ අනුව ළඟදීම ටෙන්ඩර් කැඳවා ඉදිකිරීම් කටයුතු අප්‍රේල් මාසයේදී ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බවද ඇමැති රණවක මහතා කීවේය.