කොවිඩ් අරමුදලේ කෝටි 89 වියදම් කරන හැටි කියන්න


හිටපු රාජ්‍ය ඇමැති අශෝක්ගෙන් මහ බැංකුවට ඉල්ලීමක්  

(දයාසීලි ලියනගේ)  

කොවිඩ් - 19 සඳහා වන අරමුදලට ලැබී ඇති රුපියල් කෝටි 89කට අධික මුදල වියදම් කරන ආකාරය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ හිටපු රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා මහ බැංකුවෙන් ඉල්ලා ඇත.  

මෙම අරමුදල සඳහා රාජ්‍ය ආයතනවලින් වැඩි වශයෙන් මුදල් ලබාදී ඇති අතර, ඒවා ජනතාවගේ මුදල් වන බව ද අශෝක් අබේසිංහ මහතා කීය.  කෝටි 22,000ක මුදලක් අච්චු ගැසීම, චීනයෙන් ඩොලර් 500ක මුදලක් ලැබීම, කොරෝනා අරමුදලට කෝටි 89ක මුදලක් හිමිවීම යන කරුණු පිළිබඳව ​තොරතුරු ලබාගැනීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඉල්ලා සිටියත්, එය නොසලකාහැර තිබෙන බව ද ඔහු කීය.