කොරෝනා වසංගතයට වෙනම ඒකකයක් පිහිටුවන්න


වෛද්‍ය සංගමයෙන් 
ජනපතිට ඉල්ලීමක්

(දයාසීලි ලියනගේ)   

කොරෝනා වසංගත රෝගය සම්බන්ධයෙන් වෙනමම ඒකකයක් පිහිටුවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යෝජනා කර ඇත.   

මීට පෙර බරවා රෝගය, මැලේරියාව වැනි රෝග සඳහා වෙනම ම ඒකක පිහිටුවීමෙන් එම රෝග කඩිනමින් මර්දනය කර ගැනීමට හැකි වූ බව රජයට පෙන්වා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඉරිදා ලංකාදීපයට කීය.   


වෙනම ඒකකයක් නොමැති වීමෙන් විවිධ අංශ මගින් තීන්දු තීරණ ගැනීම හේතුවෙන් දැනට සිදුවී ඇති විෂමතා අවම කර ගැනීමටත් කොරෝනා ව්‍යාප්තිය අවම කිරීමටත් දැන්වත් එකම ස්ථානයකින් තීන්දු තීරණ ගැනීම හා ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වෙනම ඒකකයක් පිහිටුවිය යුතු බව රජයට පෙන්වා දුන් බවද විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා කීය.