කොරෝනා මෘත දේහ: කමිටුවේත් මත ගැටුම්


 

(දයාසීලි ලියනගේ)   

කොරෝනා ආසාදිත වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර දෙනවාද? යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා පත් කරන ලද කමිටුවටත් අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිවීමෙන් එම ප්‍රශ්නය තවදුරටත් නොවිසඳුන තත්ත්වයට පත්වී ඇත.   

පසුගිය බ්‍රහස්පතින්දා මෙම කමිටුව ඇමැතිනී පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රැස්වී තිබුණි. 

 
ප්‍රජා වෛද්‍ය විද්‍යා විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ මෘතදේහ භූමදානය කිරීම හානි කර නොවන බවයි. අධිකරණ වෛද්‍ය නිලධාරි පාර්ශ්වයේ මතය වී ඇත්තේ සිරුරු භූමදානය කිරීමෙන් අවදානම වැඩිවන බවයි. අදාළ කමිටුව මෙසේ මත දෙකක පිහිටා සිටීම නිසා කොවිඩ් වසංගතයෙන් මිය යන මුස්ලිම් ජාතික ප්‍රජාවගේ සිරුරු භූමදානය කරනවාද? ආදාහනය කරනවාද යන්න පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට නොහැකිව ප්‍රශ්නය තවත් ඇදි ඇදී යන තත්ත්වයට පත්වී ඇති බව වාර්තාවේ.   


කමිටු සාමාජිකයන්ට එක මතයක පිහිටීමට නොහැකිවීම නිසා අවසන් තීරණයකට එළඹීමට ඇමැතිනියටද නොහැකි වී ඇත.